සිවිල් ඇදුමින් පැමිණි පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු යෙදූ එකක් බව හෙළිවෙයි
- Feb 2, 2024
- 1 min read

පොලිස් නිලධාරීන් ගමන්ගත් යතුරු පැදිය ව්‍යාජ අංක තහඩු සවි කරගෙන භාවිතා කළ එකක් බව වෙනම බී වාර්ථාවක් මගින් කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (පෙබරවාරි 02වැනිදා) අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
එම යතුරු පැදිය 2007.07.20 දින පෞද්ගලික වෙළදසැලකින් මිල දී ගෙන ඇති බවත් එය මෙතෙක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ලියාපදිංචි කර හෝ ආදයම් බලපත්‍ර, දුම් සහතික හෝ රක්ෂණය කර නොමැති බවත් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබීය.
එම වරද සම්බන්ධයෙන් අධිකරණය සැකකාර පොලිස් නිලධාරියාට රුපියල් ලක්ෂයක ශරීර ඇපයක්ද නියම කරනු ලැබීය.
කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියා සිටියේ මෙම යතුරු පැදිය වෙනත් සාපරාදී ක්‍රියාවකට යොදා ගෙන තිබේදැයි යන්න සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කරන බවය.
Bình luận