සුපිරි මඟේ බෙලිඅත්ත පිවිසුමේ වෙඩි වරුසාවක්: 5ක් මරුට
- Jan 22, 2024
- 1 min read

(චන්ද්‍රසේන ගමගේ,ක්‍රිෂාන් ජීවක ජයරුක්, පද්මසිරි ගාර්දියවසම්, සනත් ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිටවීමේ දොරටුව අසලදී අද පෙරවරුවේ සිදු වූ වෙඩි තැබීමෙන් ප්‍රබල දේශපාලන පක්ෂයක ප්‍රධානියකු ඇතුළු පස් දෙනකු මියගිය බව පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ අපේ ජනබල පකෂයේ ලේකම් ගල්ගමුව රත්ගල්ගොඩ වත්ත සමන් ප්‍රසන්න පෙරේර, පහළගඟබඩ හසිත රණසිංහ, පොලවත්ත වරාහේන සමීර මධුශංක, කුරුණෑගල ගට්ටුවානේ බුද්ධික රාජපක්ෂ සහ දෙමටගොඩ චම්ප්‍රිය ජයතිලක යන පස් දෙනා බවට හඳුනාගත් බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත කහවත්ත පිවිසුම ආසන්නයේදී අද 8.00 පමණ මෙම වෙඩි තැමීම සිදුව ඇතැයි පොලිසිය කියයි.
තංගල්ල අධිකරණයේ පැවැත්වෙන නඩුවකට පෙනී සිටීම සඳහා පැමිණෙමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ සිව් දෙනකු මියගිය අතර එක් අයකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. තංගල්ල කුඩාවැල්ලේ පැවැති ත්‍රිපුද්ගල ඝාතනයකට පලිගැනීමක් වශයෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
Comments