ස්ථාන 8 ක් අධි ආරක්‍ෂිත කලාප කරයි
- Sep 26, 2022
- 1 min read

ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්පාර්ලිමේන්තු සංකීර්ණය, ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, නාවික හමුදා මූලස්ථානය හා පොලිස් මූලස්ථානය, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය (මල් පාර) අරලියගහ මන්දිරය (කොල්ලුපිටිය) ඇතුළු ස්ථාන අටක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අධි ආරක්‍ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.ශේෂ්ඨාධිකරණ සංකීර්ණය, මහාධිකරණ සංකීර්ණය, කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණ සංකීර්ණය, කොළඹ නීතිපති දෙපාර්තමේන්තුව, අකුරේගොඩ ආරක්‍ෂක අමාත්‍යාංශය හා යුද හමුදා මූලස්ථානය, ගුවන් හමුදා මූලස්ථානය (කොම්පක්‍ඳ්ඤවීදිය) හා ආරක්‍ෂක ලේකම් හා ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිල නිවාස ප්‍රදේශ මෙසේ අධි ආරක්‍ෂිත ප්‍රදේශ බවට නම්කර ඇත. ඒ සඳහා වන අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපතිවරයාගේ අත්සනින් ප්‍රකාශයට පත් කර තිබේ.
Comments