top of page
Search

ශ්‍රී ලංකාව බංකොලොත් වීම අභියස ද?

  • Jun 16, 2023
  • 1 min read



'විනිමය අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව බංකොලොත්වීම අභියස ද' යන්න බොහෝ දෙනෙකු මේ වන විට මතුකරන ප්‍රශ්නයක් වී ඇත්තේ ෆිච් ජාත්‍යන්තර ණය ශ්‍රේණිගතකිරීමේ ආයතනය ශ්‍රී ලංකාව දිගුකාලීන විදේශ විනිමය පියවීම පැහැර හැරීමේ අවදානමක පවතින බවට කළ අනතුරු ඇඟවීම නිසාවෙනි.

එම ආයතනය එසේ අනතුරු ඇඟවූයේ ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ මුදල් (IDR) ශ්‍රේණිගතකිරීම 'CCC' සිට 'CC' දක්වා පහත හෙළමිනි. විදේශ විනිමය ආපසු ගෙවීම පැහැර හැරීමේ වැඩි ඉඩක් ඇති බව ඉන් අදහස් වෙයි.

ෆිච් ශේණිගත කිරීමේ ආයතනය පවසන්නේ ශ්‍රී ලංකාවේ ආනයන ඉහළ යාම සහ විදේශ මුදල් වෙළඳපොළට ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත එම ආයතනයේ අවසන් සමාලෝචනයේදී ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා ඉතා වේගයෙන් පහත වැටී ඇති බවයි."විදේශ විනිමය සංචිත අගෝස්තු මාසයේ සිට ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් බිලියන 2 කින් පමණ අඩු වී ඇති අතර, නොවැම්බර් අග වන විට එය ඇ.එ.ජ ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටී ඇත, එය ශ්‍රී ලංකාවේ මාසයකට අඩු වත්මන් බාහිර ගෙවීම් වලට සමාන අගයක් වේ. මෙය 2020 අවසානයේ සිට ඩොලර් බිලියන 4 ක පමණ විදේශ මුදල් සංචිතවල පහත වැටීමක්."

2022 සහ 2023 වසර වලදී නව බාහිර මූල්‍ය ප්‍රභවයන් නොමැතිව ශ්‍රී ලංකා රජයට එහි බාහිර ණය බැඳීම් සපුරාලීම දුෂ්කර වනු ඇතැයි ෆිච් ආයතණය විශ්වාස කරන බවට ඔවුන් ගේ නවතම ශේණිගත කිරීමේ නිවේදනය නිකුත් කරමින් පැවසිය."මෙම බැඳීම්වලට 2022 ජනවාරි මාසයේ දී ගෙවිය යුතු ඇ.ඒ.ජ. ඩොලර් මිලියන 500 ක ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර දෙකක් සහ 2022 ජූලි මාසයේ දී ඇ.ඒ.ජ. ඩොලර් බිලියන 1 ක් ඇතුළත් වේ.2021 නොවැම්බර් වන විට නිල දළ ජාත්‍යන්තර සංචිතවලින් 430% කට ආසන්න ප්‍රමාණයකට 2022 දී ඩොලර් බිලියන 6.9 ක ණය වාරිකය (ප්‍රාග්ධනය) සහ පොලී ඇතුළුව විදේශ මුදල් ණය සේවා ගෙවීමට ද රජය මුහුණ දෙයි," යනුවෙන් එම ආයතනය පවසයි.

 
 
 

Yorumlar


bottom of page