ශ්‍රී ලංකාවේ ණය බරට සහනයක් දෙන්න ලෑස්තියි – චීන අගමැති කියයි
- Mar 3, 2023
- 1 min read

ශ්‍රී ලංකාව ඇතුළු දැඩි ලෙස ණය බරින් පීඩිත වූ රාජ්‍යයන් වෙත සහාය වීම සඳහා වන බහු පාර්ශ්වික ප්‍රයත්නයකට ඵලදායි අයුරින් දායකත්වය ලබා දීමට චීනය සූදානම් බව එරට අගමැති ලී කෙකියැන්ග් මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කර ඇත.
චීන අගමැතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජීවා මහත්මිය සමග පැවති දුරකථන සංවාදයක දී චීනය දැඩි ණය බරින් පීඩිත වී සිටින රටවල ණය අර්බුදය විසඳීම සඳහා ඵලදායි අයුරින් සහභාගී වීමට සූදානම් බවත් සියලුම පාර්ශ්ව ඒ සඳහා එක්ව ක්‍රියා කළ යුතු බවත් පවසා ඇත. එසේ ක්‍රියා කිරීමේදී සියලුම පාර්ශ්ව ණය බරින් පීඩිත වූ රටවලට ණය සහන ලබා දීමේ බර එක හා සමානව බෙදා ගත යුතු බව ද චීන අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.
Comments