top of page
Search

ලංකාවේ මානව හිමිකම් ආරක්ෂකයන්ට වැඩිම හිංසනයක් සිදු ව ඇත්තේ පොලිසියෙන්

  • Jun 23, 2023
  • 1 min read


පසුගිය වසර දෙක තුළ මානව හිමිකම් ආරක්ෂයන්ට මුහුණපෑමට සිදු වූ හිංසනයන් සම්බන්ධ සිදුවීම් 47ක් වාර්තාව විසින් සැලකිල්ලට ගෙන තිබේ.

2021 දී සිදුවීම් 13ක් ද, 2022 දී 34ක් ද ඒ අනුව වාර්තා වී ඇත.

ඒ අනුව 2022 වසරේ වාර්තා වී ඇති සිදුවීම් 34න් 30ක දී ම එම ක්‍රියාකාරිකයන් හිංසනයට ලක් ව තිබෙන්නේ පොලිසිය විසින් ය. 2021 වසරේ සිදුවීම් අටක් පොලිසිය විසින් හිංසනයට ලක් කළ සිදුවීම් ය.

2023 ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වී ඇති සිදුවීම් ගණන 15කි.




ශ්‍රී ලංකාවේ වාර්තා වී ඇති හිංසනයන්ගෙන් වැඩිම දෙනෙකු ලක් ව ඇත්තේ අධිකරණ ක්‍රියාවලියට අනුබද්ධ හිරිහැරවලට ය.

විවෘත විශ්වවිද්‍යාලයයේ ආචාර්ය මහිම් මෙන්ඩිස් විසින්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) විසින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතට එරෙහි ව සංවිධානය කළ උද්ඝෝෂණයක දී කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඔහුට දුරකතනයෙන් තර්ජනය කිරීම, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමිට පැහැරගන්නා බවට දුරකතනයෙන් තර්ජනය කිරීම යන සිදුවීම් දෙක වාර්තාව තුළ විශේෂයෙන් විස්තර කර තිබේ.

මීට අමතර ව, 2022 මැයි නවය දා 'ගෝඨාගෝගමට' ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකයන් පහර දීම, 2022 ජුලි 23 අළුයම සන්නද්ධ හමුදා විසින් 'ගෝඨාගෝගමට' එල්ල කළ ප්‍රහාරය ද නිරීක්ෂණය කර ඇති විශේෂ සිදුවීම් ය.




 
 
 

Comentários


bottom of page