රතිඤ්ඤා දැල්විමෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට මහනුවර රෝහලට
- Susil Priyantha
- Sep 9, 2024
- 1 min read

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පිණිස අද (09) මහනුවර මධ්‍යම වෙළඳ පොල ඉදිරිපිට පැවැත්වෙන රැස්වීම ආරම්භයට මොහොතකට පෙර ආධාරකරුවන් විශාල රතිඤ්ඤා ප්‍රමාණයක් දල්වා තිබෙනවා. ඒ හේතුවෙන් එහි රාජකාරියේ නියුතු පොලිසියේ හය දෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.
රතිඤ්ඤා දැල්විමෙන් තුවාල ලැබූ පිරිස මේ වන විට මහනුවර රෝහලට ඇතුළත් කළ බව පැවසෙනවා. මෙම රැස්වීමේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරින් හය දෙනාට අමතරව රැස්වීම් භූමියේ සිටි පුද්ගලයන් දෙදෙනකුත් තුවාළ ලබා තිබෙන බවයි කියන්නේ.
අනතුර සිදුවූ අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරීයේ යෙදී සිටි සෙසු පොලිස් නිලධාරින් විසින් තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට පියවර ගෙන තිබෙනවා.
Comentários