රුසියානු හමුදා සේවය සඳහා අනීතිකව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව
- Susil Priyantha
- May 14, 2024
- 1 min read

රුසියානු හමුදා සේවය සඳහා අනීතිකව ගොස් සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳව මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තවදුරටත් තොරතුරු වාර්තා වෙයි.
රුසියාව බලා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව මෙතෙක් නිශ්චිත වශයෙන් ගණනය කරගැනීමට නොහැකිවූවද තවත් බොහෝ පිරිසක් මෙම මිනිස් ජාවාරමට හසුවී ඇති බව පැහැදිළි කරුණකි.
බණ්ඩාරවෙල වටගමුව ප්‍රෙද්ශයේ පදිංචි ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කළ ප්‍රේමසිරි අබේකෝන්ද එලෙස රුසියාවට ගිය තවත් පුද්ගලයෙකි.
නමුත් පසුගිය මාර්තු මාසයේ සිට ප්‍රේමසිරි පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නොමැත.
විවිධ වරප්‍රසාද ලබාදෙන බව පවසමින් රුසියාව වෙත ගෙන්වා ගත් එම පිරිසට පළමු දින කිහිපයේදී සුපිරි හෝටල් වෙතින් ආහාරපානද ලබාදුන් බවට වවුන් පවසා ඇත.
ඒ අතර ලාංකිකයින්ගේ භාරකරු ලෙස රුසියාවේදී කටයුතු කරන පුද්ගලයෙකු ද සිටී.
රුසියාවට ගොස් සිටින බොහෝ අයගේ ඥාතීන් පවසන්නේ, දින කිහිපයක් මෙලෙස සැප පහසුකම් ලබාදී පසුව ඔවුන් රුසියානු ඉදිරි ආරක්ෂක වළල්ලේ යුද්ධය සඳහා යොමුකරන බවය.
රුසියාව බලා පිටත්ව ගිය ශ්‍රි ලාංකිකයින්ගේ ඥාතීන් පිරිසක් අද මෙරට රුසියානු තානාපති කාර්යාලය වෙත පැමිණ එහි නියෝජිතයෙකු වෙත සංදේශයක් භාරදුන්නේය.
ඒ තම ඥාතීන් කඩිනමින් නැවත මෙරටට ගෙන්වාදීමට මැදිහත්වන ලෙසට ඉල්ලමිනි.
උපුටා ගැනිම අද දෙරන.
Comentarios