රුපියල් මිලියන 9ක අල්ලසක්
- Susil Priyantha
- Dec 28, 2024
- 1 min read

රුපියල් මිලියන 9ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන සලෝචන ගමගේ මහතා බවට තොරතුරු වාර්තා වනවා.
සලෝචන ගමගේ යනු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩිමහල් සහෝදරයා වනවා.
අල්ලස් කොමිසම සදහන් කරන්නේ චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයෙකුගෙන් එම අල්ලස ලබාගන්නා අවස්ථාවේදී සලෝචන ගමගේ හා තවත් ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගත් බවයි.
ඒ අනුව චමින්ද තුෂාර වර්ණසූරියගේ නැන්දනියට අයත් ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ පිහිටි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමෙන් අනතුරුව එම ඉඩමට වන්දි ගෙවීම සඳහා අවශ්‍ය කටයුතු කරදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 90 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගන්නා අවස්ථාවේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (27) පස්වරු තුනට පමණ පිටකෝට්ටේ ප්‍රදේශයේ ඇති ‘ගැමි ගෙදර’ නම් කඩය ඉදිරිපිටදී සලෝචන ගමගේ යන හිටපු මන්ත්‍රීවරයාත්, දුෂාන්ත දිනේෂ් රත්නායක යන ව්‍යාපාරිකයාත් අදාළ අල්ලස් මුදල ලබාගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දිනයේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා බීමත්ව රියපැදවීම හේතුවෙන් මීට පෙර 2019 වසරේදීද අත්අඩංගුවට ගැණුනා.
ඉන් අනතුරුව පොලිස් කූඩුව තුළ සිටියදීම ඔහු පොලීසියට තර්ජනය කරන අයුරු එකළ මාධ්‍ය වාර්තා කළා.
留言