රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවතට
- Susil Priyantha
- Sep 6, 2024
- 1 min read

රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ (05) දිනයේ පියවර ගත්තා
ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් තිබේ.
මෙම ඉවත්කිරීමත් සමඟම දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරු සියලුමදෙනාම ආණ්ඩුවෙන් ඉවත්කිරීමට තීරණයක් ගෙන ඇති අතර මින් ඉදිරියට රජයේ කිසිඳු වැඩසටහනකට ඔවුන්ව සහභාගී කරවා නොගැනීමට රජය තීරණය කර ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
එමෙන්ම මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය නොදෙන ආණ්ඩු පාර්ශ්වය නාමිකව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට ඉවත්ව යන ලෙස දැනුම්දී ඇති බව වාර්තා වෙයි .
එබැවින් තීරණාත්මක මොහොතේ සහාය නොදක්වන පිරිස ඉවත්කර ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු තමන්ට නිදහසේ කරගෙන යාමට අවස්ථාව සලසන ලෙස මේ පිරිස ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා තිබේ .
Comments