top of page
Search

මූල්‍ය අපරාධ නඩු විභාග කිරීම සඳහා විශේෂ අධිකරණයක් ස්ථාපිත කළයුතු බව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පෙන්වා දෙයි.

  • Jan 3, 2023
  • 1 min read












ඒ, 2021/22 වර්ෂය සඳහා වන මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ ජාතික අවදානම ඇගයීමේ සංක්ෂිප්ත වාර්තාව එළිදක්වමිනි.

එම වාර්තාවේ සඳහන් වන්නේ, අවිධිමත් ලෙස මුදල් ප්‍රේෂණ කිරීම නොහොත් හවාලා හෝ උන්ඩියල් ක්‍රමවේදය මෙරට ඉහළම අවධානමක් සහිත මුදල් විශුද්ධිකරණ ක්‍රමවේදය බවට පත්ව ඇති බවයි.

නිශ්චල දේපළ නියෝජිතයින්, බැංකු අංශය සහ මූල්‍ය සමාගම්, දෙවනුව ඉහළ අවධානමක් සහිත මුදල් විශුද්ධිකරණ ක්‍රමවේද අනුගමනය කරන බව අදාළ වාර්තාවේ සඳහන් වේ.

නීතිවිරෝධී ලෙස මූල්‍ය වත්කම් උපයා, ඒවා ඉපැයූ ආකාරය අනාවරණය නොකර එම මුදල් භාවිතා කිරීම මුදල් විශුද්ධිකරණයේ සරල අර්ථයයි.

ඒ අනුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමට අදාළ නව නීති හඳුන්වාදීම සඳහා නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව සිය නවතම වාර්තාවෙන් ඉදිරිපත් කර ඇත.







 
 
 

Commenti


bottom of page