මාලිමා ආණ්ඩුව දුන් පොරොන්දු ඉටු කල යුතුයි.. අපි ඒ ගැන අවදියෙන්..
- Susil Priyantha
- Nov 17, 2024
- 1 min read

ආණ්ඩුව වැරදී මාර්ගයේ ගමන් කරනවා නම් ඔවුන් නිවැරදි මාර්ගයට ගැනීමට ප්‍රබල විපක්ෂයක් ලෙස කටයුතු කරන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීය.
ප්‍රජාතන්ත්‍රවාදය වැළලෙන්නට ඉඩනොදී ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත් හෙතෙම පවසා සිටියේය.
“1956 අවුරුද්දේ එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රී ධුර 8ට බැස්සා, 1970 එක්සත් ජාතික පක්ෂය 17ට බැස්සා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 08ට බැස්සා එවැනි ඉතිහාසයක් අප පසුකර විත් තිබෙනවා. අද අපේ මන්ත්‍රීවරුන් ජාතික ලැයිස්තුවත් එක්ක 40ක් පත්වී සිටිනවා. එම නිසා අපි ශක්තිමත් විපක්ෂයක් ලෙස අපේ කාර්යය සිදු කරනවා.
ඒවගේම ඉදිරියේදි ආණ්ඩුව ගන්න ජනතාවාදී තීන්දු තීරණවලට සහාය දක්වමින් ඔවුන් යන ගමන දෙස බලා ඉන්නවා.‘‘
ප්‍රජාතන්ත්‍රවාදීව ජනතාව විසින් ලබාදී තිබෙන ඡන්ද ප්‍රතිඵලය තම පක්ෂය පිළිගන්නා බවත්, ජාතික ජන බලවේගය මේ රටේ ජනතාවට පොරොන්දු වූ සියලු පොරොන්දු ඉටුකළ යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.
Commenti