මෝටර් රථ අමතර කොටස් ආනයන සීමා ඉවත් කෙරේ
- Oct 23, 2022
- 1 min read

රූපලාවන්‍ය උපකරණ, මෝටර් රථ අමතර කොටස් ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක ආනයන සීමා ඉදිරි සති දෙකක කාලයේ දී ඉවත් කරන බව මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඇමැතිවරයා පවසන්නේ අදාළ ක්ෂේත්‍රයන්හි රැකියාවන්වල නිරත පිරිස් වෙතින් දිගින් දිගටම ලද අභියාචනා සැලකිල්ලට ගනිමින් මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිර්දේශ මත මෙම සීමා ඉවත් කිරීම සිදු කිරීමට නියමිත බවයි.
පවතින විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 1465කට ආනයන සීමා පනවමින් ඉකුත් අගෝස්තු මස 23 වැනි දා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරිණි. පසුව ඉදිරිපත් වූ අභියාචනා සැලකිල්ලට ගනිමින් භාණ්ඩ 708ක් එම ලැයිස්තුවෙන් ඉවත් කෙරුණු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.
Comments