ඩයනා ගමගේ විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක්
- Susil Priyantha
- May 9, 2024
- 1 min read

ඩයනා ගමගේ විදේශගත වීම වළක්වමින් තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අද(09) නිකුත් කළේය.
එක්සත් රාජධානියේ, ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික හෝ මොනයම් විදේශ ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් විදේශ ගතවීම වළක්වමින් නිකුත් කළ තහනම් නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත යොමුකිරීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ව්‍යාජ තොරතුරු ලබා දෙමින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මංත්‍රී ඩයනා ගමගේ අත් අඩංඟුවට ගත යුතු බව නීති අංශ කියා සිටිති.
මන්ද යත් ඇය බ්‍රිතාන්‍ය පුරවැසිබව අත් හරින ලද බවක් හෝ මෙරට පුරවැසි බව ලබා ගත් බවක් හෝ සනාථ නොවන බව මෙරට ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධීකරණය තීරණය කර ඇති නිසාය.
“ඩයනා ගමගේ” 2014.01.24 දින සිට N5091386 අංකය සහිත ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් දරමින් සිටියදී 2014.07.16 සිට 2014.10.05 දක්වා ශ්‍රී ලංකාවට පැමිණීමට අංක 521398876 දරන බ්‍රිතාන්‍ය විදේශ ගමන් බලපත්‍රය භාවිතා කර ඇති බව මෙම සාක්ෂියෙන් පෙනෙන බව නඩු තීන්දුවෙහි දැක්වේ. ඒ අනුව ඇය ද්විත්ව පුරවැසිභාවය ලබා නොගෙන බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකා ගමන් බලපත්‍ර එකම අවස්ථාවෙහි දී පාවිච්චි කර තිබේ. මෙයද දඬුවම් ලැබිය යුතු වරදකි .
コメント