top of page
Search

ජාතික රෝහලේ නේවාසික රෝගින්ට දෙන්නේ තත්වයෙන් බාල කෑම


කොළඹ ජාතික රෝහලේ නේවාසික රෝගීන්ට ලබා දෙන වියලි ආහාර සැලකිය යුතු ප්‍රමාණයක් තත්ත්වයෙන් බාල හා පුස් බැදුණු ඒවා බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරයි.

වසර විස්සක පමණ කාලයක් තිස්සේ එම ප්‍රසම්පාදන කටයුතු සිදුවන්නේ මේ ආකාරයෙන් බවටද ඔහු චෝදනා කරයි.

මේ පිළිබඳව විෂය භාර අධ්‍යක්ෂවරුන්ට පැමිණිලි කර ඇතත් එයින් ප්‍රතිඵල නොලැබූ බවද බෙල්ලන මහතා කියා සිටී.

මෙම ප්‍රසම්පාදන කටයුතු සඳහා මසකට රුපියල් කෝටි හතක් ඉක්මවූ මුදලක් සැපයුම්කරුවන්ට ගෙවන බවද පැවසූ ඔහු එම ආහාර සපයන කොන්ත‍්‍රාත් සමාගම බන්ධනාගාරය, හමුදා කඳවුරු යන රාජ්‍ය ආයතන වලටද වියළි ආහාර සපයන බවත් පැවසීය.

 
 
 

Opmerkingen


bottom of page