top of page
Search

චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් කරයි


ජනපතිගේ චීන සංචාරයේ දී චීන-ලංකා අවබෝධතා ගිවිසුම් 15කට අත්සන් තැබූ බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.

ලංකාවේ ආර්ථික, අධ්‍යාපන,මාධ්‍ය සහ සංස්කෘතියට ඉතාමත් වැදගත් වන අවබෝධතා ගිවිසුම් ඊට ඇතුළත් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ චීන ජනාධිපතිවරයා අතර හමුවේදී දෙරට අතර ආර්ථික,සංස්කෘතික, දේශපාලන,සබඳතා ගැන ඉතා වැදගත් කරුණු ගණනාවක් සාකච්ඡා කෙරුණ බව කී විජිත හේරත් මහතා එම ද්වි පාර්ශවික සාකච්ඡාවෙන් අනතුරුව අදාල අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබූ බව සඳහන් කළේය.

මෙම ගිවිසුම් මගින් ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වාසි රැසක් අනාගතයේදී ලබා ගන්නට හැකියාව තිබෙන බවත් චීන ආණ්ඩුවේ සහයෝගය ලංකාවට දිගටම ලබා දෙන බවට චීන ජනාධිපතිවරයා සහතික වූ බවත් විජිත හේරත් මහතා සඳහන් කළේය.

 
 
 

Comentários


bottom of page