top of page
Search

ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ රටට


ජාතික ඖෂධ නියාමන අධිකාරියට  ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු ඖෂධ අතුරින් සාම්පල් සියයට අනූපහක්  2023 වර්ෂයේදී ජාතික ඖෂධ තත්ත්ව පර්යේෂණාගාරයට ඉදිරිපත් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය ඉදිරිපත් කළ වාර්තාවක සඳහන්වේ.

සාම්පල් පරීක්ෂාවකින් තොරව ඖෂධ ලියාපදිංචි කිරීම හේතුවෙන් ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ රටට පැමිණීමේ අවදානමක් පවතින බව එම වාර්තාවේ දැක්වේ.

මේ අතර මේ පිළිබඳව තොරතුරු හෙළි වන විට ඖෂධ වලින් සැලකිය යුතු ප්‍රමාණයක් රෝගීන් භාවිත කර තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

අධිකාරිය ඖෂධ ලියාපදිංචියේදී හිතත්වය පරීක්ෂා කිරීම සඳහා ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ පර්යේෂණාගාරයට සාම්පලයක් ඉදිරිපත් කළ යුතු බව සෞඛ්‍ය පනතේ 59(4) (ආ) වගන්තියේ පැහැදිලිව දැක්වෙන බව විගණන වාර්තාවේ දැක්වේ.

මේ අතර ලියාපදිංචිය නිදහස් කිරීමේ ක්‍රියාවලිය භාවිතා කිරීමෙන් ඇතිවන ගැටළු පිළිබඳව වර්ෂ ගණනාවක සිට විගණන කාර්යාලය නිර්දේශ ඉදිරිපත් කළද ඒ ගැන බලධාරීන් අවධානය යොමු කර නොතිබූ බව එහි සඳහන්වේ.

ගුණාත්මක භාවයෙන් තොර ඖෂධ රටට

 
 
 

Comments


bottom of page