කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු තිදෙනෙකුට වෙඩි තබා
- Susil Priyantha
- Aug 9, 2024
- 1 min read

කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු,මොණරාගල ඉඟිනියාගල ප්‍රද්ශයේදී තිදෙනෙකුට වෙඩි තබා ඔහු ද සියදිවි නසාගෙන තිබෙනවා.
එම වෙඩි තැබීමෙන් මවක් සහ 17 හැවිරිදි පාසල් සිසුවියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, මිය ගිය අනෙක් පුද්ගලයා කරාඬුගල පොලිස් ස්ථානයේම සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙක්.
අම්පාර නාමල්ඔය ප්‍රදේශයේදී අද අළුයම මෙම වෙඩි තැබීම සිදුව තිබුණා.
කරාඬුගල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු මෙම වෙඩි තැබීම කර ඇති අතර, ඔහු අද අළුයම රාජකාරී නිල ඇඳුමින් සිය රාජකාරී ගිනි අවිය ද රැගෙන තම පොලිස් ස්ථානයේම සේවය කරන තවත් පොලිස්කොස්තාපල්වරයෙකුගේ නිවසට ගොස් තිබෙනවා.
එම නිවසේ සිටි කොස්තාපල්වරයා නිවසින් පිටතට ගෙන්වාගෙන, මෙම පොලිස්නිලධාරියා ඔහුට වෙඩි තබා ඇති බව පොලිසිය සඳහන් කළා.
මේ වන විට සිදුකළ මූලික විමර්ශන වලට අනුව පොලිසිය සැකකකරනු ලබන්නේ සියදිවි නසාගත් පොලිස් නිලධාරියා හා ඝාතනය වූ කොස්තාපල් වරයා කරාඬුගල පොලිස් ස්ථානයේ එකට රාජකාරී කර ඇති අය වන අතර කිසියම් පුද්ගලික ආරවුලක් මත පොලිස් කොස්තාපල්වරයාට, කාන්තාවට සහ දියණියට වෙඩිතබා පසුව ඔහු ද වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.
අම්පාර කොට්ඨාසභාර වැඩ බලන පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ඉගිනියාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Comments