top of page
Search

කඩුවක් අරගෙන පී.එච්.අයි. පසුපස පැන්නූ සැකකරුට වැඩ වරදියි


රාගම පොලිස්  බල ප්‍රදේශයට අයත් නිවසකට ඩෙංගු පරීක්ෂා කිරීම සදහා ගිය ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහරදීමට කඩුවක හැඩය ඇති  තියුණු  ආයුධයක් අමෝරා ගෙන පසුපස පැන්නූ  පුද්ගලයෙකු රාගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.


රාජ්‍ය නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ වරද මත රාගම පොලිසියේ  දූෂණ මර්ධන අංශයේ  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක අසේල පෙරේරා මහතා විසින් අත් අඩංගුවට ගත් සැකකරු වත්තල  මහේස්ත්‍රාත්  වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල්  ලක්ෂ දෙකක ශරීර ඇපමත මුදාහැර ඇති අතර මෙම නඩුවට අදාල සියළු කරුණු 2025 වසරේ ජනවාරි මස 31 වනදා අධිකරණය හමුවේ ගොණුකරන ලෙස මහේස්ත්‍රාත්  වරයා නියෝග  කර ඇත.

ජාඇල ප්‍රාදේශීය සභාවට අනුයුක්තව ජාඇල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්‍යාලයේ ඩෙංගු මර්ධන  නිලධාරී ලෙස සේවයේ නිරත නිලධාරියෙකු විසින් රාගම පොලිසියට කල පැමිණිල්ලක්  මත සැකකරු අත් අඩංගුවට  ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

P H I පසු පස කඩුවක් අමොරගෙන පැන්නු අය නිතිය හමුවට

 
 
 

Comentarios


bottom of page