කුකුළු මස් මිල අඩු කිරීම සම්බන්ධයෙන් අද (21) විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
- Sep 21, 2023
- 1 min read

ඒ, වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සහ කුකුළු නිෂ්පාදකයින් අතරයි.
රුපියල් 1250 ක මිලකට මේ වනවිට කුකුළු මස් කිලෝග්‍රෑමයක් අලෙවි වේ.
එම මිල රුපියල් 200 කින් පමණ අඩු විය යුතු බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී කුකුළු නිෂ්පාදකයින් කුකුළු මස් මිල රුපියල් 200 කින් අඩු කිරීමට එකඟවනු ඇතැයි තමා අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.
එසේ නොවුණහොත් කුකුළු මස් ආනයනය සම්බන්ධයෙන් අද දිනයේදීම තීරණයක් ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.
Comments