top of page
Search

ඔන්ලයින් පනත මර්දනයට යොදනු එපා

  • Jan 28, 2024
  • 1 min read



මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ බරපතළ විරෝධයකට ලක්වූ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත (ඔන්ලයින් පනත) වැඩි ඡන්ද 46කින් පසුගියදා සංශෝධන සහිතව සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 108ක්ද විරුද්ධව ඡන්ද 46ක්ද ප්‍රකාශ වී තිබිණි. පනත එසේ සම්මත කරගනු ලැබුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සභා ගර්භය මැදට පැමිණ සිදුකළ විරෝධතාවල උණුසුම මැද්දෙනි.

ඔන්ලයින් පනතට මෙතරම් ප්‍රබල විරෝධයක් ගොඩනැගුණේ එම පනතේ ඇතැම් වගන්ති දේශපාලන වශයෙන් ප්‍රතිවිරුද්ධ අදහස් දරන සමාජ කොටස්වලට එරෙහිව යොදාගනිමින් දැඩි මර්දනයක් ක්‍රියාත්මක කළ හැකි බවට නැගුණු චෝදනා හේතුවෙනි. එසේම වැරදිකරුවන්ට ලබා දෙන දඬුවම් ඉතා දරුණු බවට නැගෙන චෝදනා ද වෙයි. එහෙත් රජයේ මැති ඇමැතිවරුන්ගේ අදහස වී තිබුණේ මාර්ගගත ක්‍රම හරහා දේශපාලනඥයන්ට බරපතළ ආකාරයට මඩ ගැසීම් සිදුකෙරෙන බවය. එසේම කිසිදු නීතියකට හෝ ආචාරධර්මයකට හෝ එකඟ නොවන ආකාරයට සමාජ මාධ්‍ය ඔස්සේ පුද්ගල චරිත ඝාතනය කෙරෙන බවට ද ඔවුහු චෝදනා කරති. එම විවාදයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර තිබුණේ සමාජ මාධ්‍ය හරහා පසුගිය කාලසීමාවේදී පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන ලද අවස්ථා 78,000කට අධික සංඛ්‍යාවක් සිදුව තිබූ බවය.

 
 
 

Kommentare


bottom of page