top of page
Search

ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක

  • Feb 7, 2024
  • 1 min read


ඉන්දියාවේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (07) ගුජරාට් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය භූපේන්ද්‍රභායි පටෙල් හමුවීමට නියමිත වේ.  

ඒ, අහමදාබාද් හිදියි.

මීට අමතරව ඔවුන් එම ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍යවරයා සමග මෙන්ම ඉහළපෙළේ රාජ්‍ය නිලධාරීන් සමග ද අද දිනයේ සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.

අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස නව දිල්ලි නුවර පිහිටි ස්වාධීන ගෝලීය බුද්ධිමතුන්ගේ එකතුව ඊයේ හමුවිය.

 
 
 

Comentários


bottom of page