top of page
Search

අසත්‍ය චෝදනා ගොනුකර බන්දනාගාර ගතකලායයි පොලිසියට චෝදනාකර තරුණයෙක් මානව හිමිකම් යයි.



ප්‍රේම සම්බන්ධතාවකට අදාළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා කුලියාපිටිය මූලස්ථාන පොලිසියට ගිය තරුණයකුට එරෙහිව කුලියාපිටිය  මූලස්ථාන පොලිසිය හෙරොයින් ජාවාරම් කිරීම යටතේ අසත්‍ය චෝදනා ගොනුකර බන්ධනගාරගත කළ බවට චෝදනා කරමින් ඉදිරිපත්ව ඇති පැමිණිල්ලක් විභාග කිරීම සඳහා ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිෂන්  සභාව කළ කැඳවීමක් කුලියාපිටිය  මූලස්ථාන  පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් හයදෙනකු පැහැරහැර තිබේ.

මෙම විමර්ශනය සඳහා ඉකුත් 13 දින ශ්‍රී  ලංකා මානව හිමිකම් කොමිෂන්  සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලය හමුවේ පෙනී සිටින ලෙසට එම කොමිෂන් සභාවේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරිනිය විසින් වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට ලිඛිතව නියම කර ඇතත් එකී නියමයට අනුව අදාළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන් විමර්ශනය සඳහා කොමිසම  හමුවේ පෙනී සිටියේ  නැත. ඊට හේතුව ලෙස මෙම පොලිස් නිලධාරීන් මානව හිමිකම් කොමිසමට දන්වා ඇත්තේ මැතිවරණ රාජකාරිවල නියැළෙන බැවින් අදාළ විමර්ශනයට පෙනී සිටිය නොහැකි බවයි.


 
 
 

Opmerkingen


bottom of page