top of page
Search

අපරාද රැසක් හෙලිවේ අධික වටිනාකමක් ඇති දේව ප්‍රතිමාව විකිනිමට යෙමේදි



දඹරන් සහ මැණික්වලින් නිර්මාණය කළ අධික වටිනාකමක් සහිත පත්තිනි දේව ප්‍රතිමාවක් නුවර ප්‍රදේශයේ පුද්ගලයකුට අලෙවි කිරීමට සූදානම් වූ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන කළ විමර්ශනවලදී ටී 56 ගිනි අවි ළඟ තබාගැනීම, දේපළ කොල්ලකෑම, මුදල් කොල්ලකෑම ඇතුළු නඩු 24 ක් පවතින පුද්ගලයකු ඇතුළු සැකකරුවන් නිදෙනකු පෙරේදා (15) මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන අංගොඩ ලොක්කාගේ ගෝලයකු බව පොලිසිය පවසයි.සැකකරු 2002 වසරේදී යතුරුපැදියක් කොල්ලකෑම, 2007 වසරේදී පිස්තෝලයක් සහ ජීව උණ්ඩ ළඟ තබාගැනීම, ජීව අත්බෝම්බයක් ළඟ තබාගැනීම, 2005 වසරේදී වෑන් රථයක් කොල්ලකෑම ඇතුළු නඩු 24 ක් පවතින පුද්ගලයකු බවත් ඔහු මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවකු බවත් පොලිසිය පවසයි.

 
 
 

Comments


bottom of page