අතුරුගිරියේදි සිදුකල වෙඩි තැබිමකින් කලබ් වසන්ත ජිවිත්ක්‍ෂයට පත්වෙයි .එතන සිටි බිරිද සහ කේ සුඡිවා බරපතල තුවාලබා දැඩි සත්කාරයේ…….
- Susil Priyantha
- Jul 8, 2024
- 1 min read

අතුරුගිරිය ප්‍රදේශයේ ටැටෝ ආයතනයක් විවෘත කිරීමට අද උදැසන ගිය අවස්ථාවේදි ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා හට ඔහුගේ බිරිද ප්‍රසිද්ධ ගායිකා කේ සුඡිවා මහත්මිය සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එතනට පැමිණිවෙඩික් කරුවන් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් අැත .වෙඩි වැදිමෙන් බරපතල තුවල ලැබු කලබ් වසන්ත සහ තවත් පුද්ගයෙක් ඡිවිතක්ෂයට පත්වු බවත් අනිත් අය දැඩි සත්කාර එකකයේ සැත්කම් සිදුකර ප්‍රතිකාර ලබන බවත් පොලිසිය සදහන් කරයි . මෙම ඝාතනය කිරීමට ශ්‍රී ලංකාවෙන් පලා ගොස් ප්‍රංසයේ සැඟව සිටින කන්ජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලිසිය සැක කරයි.
වෙඩික්කරුවන් විසින් වෙඩි තැබීමට භාවිතා කරන ලද උණ්ඩ කොපුවල KJI මුද්‍රණය කිරීම සම්බන්ධයෙන්ද පොලිසියේ අවධානය යොමුව තිබේ.
මේවන විට ඝාතකයන් පැමිණි මෝටර් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් අනතුරුව ඔවුන් ්පලායාමට භාවිතා කර වෑන් රථයක් බුලත්සිංහල ප්‍රදේශයේ තිබියදී සොයාගෙන තිබේ.
මෙම ආරවුල දෙපාර්ශවයක් අතර කාලයක් තිස්සේ පැවති එකක් බවටද සැක කරන පොලිසිය විදේශයක සිට සැලසුම් කරන ලද එකක් බවද අනුමාන කරයි.
ඒ ඔස්සේ මෙවන විට මෙම ඝාතනයේ පරීක්ෂණ කටයුතු ඉදිරියට මෙහෙය වෙමින් තිබේ.
වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී ව්‍යාපාරික වසන්ත සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ බිරිඳගේ බෑගයේ තිබී ගිනි අවියක් පොලීසියට හමුවී ඇත.
එය මේ වන විට පොලිස් භාරයට ගෙන ඇති අතර ඒ සඳහා බලපත්‍රයක් ඇත්ද නැද්ද යන සම්බන්ධයෙන්ද පරීක්ෂණ කරමින් සිටී.
Comments