top of page
Search

අජන්ත රොද්‍රිගෝ නිලධාරියාව වැඩබලන අධ්‍යක්සකවරයා ලෙස පත් කිරිම




වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ ලිපියට අනුව අජන්ත රොද්‍රිගු නම් නිලධාරියාව මහජන සාමය කළමනාකරණ කොට්ටාසයේ වැඩබලන අධ්‍යක්සකවරයා ලෙස පත්කර ඇත.


අජන්ත රොද්‍රිගෝ යනු 2023 මාර්තු 07 වනිදා කොළඹ විශ්ව විද්‍යාලය ඇතුළට අනීතීක ලෙස කදුළු ගෑස් ගsa සිසුන්ට ශාරිරික හානිකල පොලිස් ක්‍රියාවට අණ දුන් තැනැත්තෙක් වේ. ( එම ප්‍රhaරයෙන් පසුව එදින විශ්වවිද්‍යාලයේ ආරක්ෂක නිළධාරියකු මිය ගිය අතර වන්නිනායක මහතාගේ මරණය පරීක්ෂණ තවම පරීක්ෂණ අවසන් නොමැත)


අජන්ත රොද්‍රිගෝ යනු කොළඹ විශ්ව විද්‍යාල සිසුන් විසින් ගොනු කළ SC FR 227/23 මුලික අයිතිවාසිකම් පෙත්සමේ 2නි වගඋත්තරකරු වන අතර විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රහාර එල්ල කිරීම හදුනා ගත නොහැකි කැරලි මර්දන  නිළධාරීන් කැදවූ බවට සලකන පුද්ගලයා වේ.


අජනත රොද්‍රිගෝ යනු මානව හිමිකම් කොමිෂම් සභාවේ සිතාසි නොසලකා මානව හිමිකම් කොමිෂමේ විමර්ශන සදහා නොපැමිණි පුද්ගලයන් අතර කෙනෙක් වේ.


ඒ වගේම අධිකරණයට අසත්‍ය ප්‍රකාශ කළ බවට තහවුරු කල නිලධාරියෙකි.

එවැනි පුද්ගලයෙකුට මෙම තනතුරු ලබා දිම හෙලා දකින බව සාමාජ හා අසාධාරණ වෙනුවෙන් පෙනි සිටින්නන් පවසා සිටියේය.

පහත ඇත්තේ ඔහුගේ වීරක්‍රියා කීපයකි.

 
 
 

Comentarios


bottom of page