top of page
Search

Online පනත ගැන ජනපතිට ලිපියක් ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනයෙන්

  • Feb 14, 2024
  • 1 min read









මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත තුළින් භාෂණයේ සහ අදහස් ප්‍රකාශ කිරිමේ නිදහසට සිදුවන බලපෑම පිළිබඳ අවධානය යොමු කරන්නැයි, ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ එක්සත් ජනපද නියෝජිතායතනය හෙවත් USAID හි ප්‍රධාන පරිපාලක සමැන්තා පවර් මහත්මිය, ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

එම නියෝජිත ආයතනය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ, භාෂණයේ නිදහස හා සංවිධානය වීමේ අයිතියට අමෙරිකාවේ දැඩි සහය හිමි වන බවයි.

එම නිවේදනයේ දැක්වෙන්නේ අන්තර්ජලයට වාරණ පනවමින් ශ්‍රී ලංකාව කර ඇති පනත් සංශෝදන හේතුවෙන්, ගෝලිය සමාජ මාධ්‍ය සමාගම් අපරාධ නඩුවලට යටත් වීමේ අවධානමකට මුහුණ පා ඇති බවයි. 

එම සමාගම්වලින් සැදුම්ලත් එකතුවක් පසුගිය මස සම්මත කෙරුණු අදාළ නව නීති ඵලක් නොවනු ඇති බව අනතුරු අඟවා ඇති බව ද USAID නිවේදනයේ සඳහන් වේ. 

 
 
 

Comments


bottom of page