top of page
Search

E visa වංචාව තුලින් කොටි 5 ආසන්න මුදලක් ඉන්දියා සාමාගමකට


ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම වංචාව වන e – Visa වංචාව හරහා දිනකට මෙරටින් කෝටි 5 කට ආසන්න මුදලක් ඉන්දියාවේ පිහිටි ආයතනයකටයන බවත්ඊට එරෙහිව නගන ලඳ පෙත්සම් නිසාවෙන් අධිකරණයෙන් ලබාදුන් තහනම නිසා මීට සම්බන්ධ පුද්ගලයන් මේ වනවිට මාධ්‍ය ක්‍රියාවලියට බලපෑම් කරමින් සිටින අතර සංචාරක කර්මාන්තයට මේ හේතුවෙන් බලපෑමක් වී ඇති බවට කතාවක් සමාජගත කිරීමේ ක්‍රියාවලියක නිරත වෙමින් සිටින බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.


මේ රටේ ඉතිහාසයේ සිදු වෙච්ච විශාලම වංචාව නතර කිරීම සඳහා අතුරු තහනම් නියෝගයක් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදීලා තියෙනවා. රටේ දූෂණය ගැන කතා කර කර, ෆයිල් පෙන්න පෙන්න ඉන්න අයට මේ ප්‍රශ්නේ පෙනුනේ නැහැ. පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ මන්ත්‍රීවරු තිදෙනෙක් මේ දූෂණය වැළැක්වීමේ අරමුණින් ඉදිරිපත් වුණා. රටක පළවෙනි ආරක්ෂක වළල්ල අපේ රටේ දේශසීමාව. ඒ දේශසීමාව මුර කරන්න ඉන්නේ ආගමන, විගමන දෙපාර්තමේන්තුව. ඒ ආගමන විගමන දෙපාර්තමේන්තුව සතු වගකීමක් පුද්ගලික අංශයට, එහෙමත් නැත්නම් විදේශිකයන්ට පවරලා දීලා නැහැ ලෝකෙ කවුරුවත්. ඒක නිසා තමයි පසුගිය මැයි මාසේ දවසක තරුණයෙක් තමන්ගේ පවුලත් එක්ක මේ රටට එන කොට ඉන්දියන් ජාතිකයෝ රටේ වීසා නිකුත් කරනවා කියන එක මේ රටට ගෞරවනීය විදිහට හෙළි කළේ. නමුත් මේ රටේ මහජන ආරක්ෂක ඇමති සහ පොලිසිය කළේ මොකක්ද? තමන්ගේ බලය යොදවලා ඒ අයුක්ති සහගත දේශද්‍රෝහී වැඩේ හෙළි කරපු පුද්ගලයාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා.

 
 
 

コメント


bottom of page